පපුවට අත තියල බැලුවමහුස්ම ගන්න සද්දෙ ඇහෙනවා.ජීවිතේ දිහා අපි හැරිල බැලුවත් නැතත් අපේ ජිවිත ගෙවිල යනවා.හුස්ම ගන්න එක නතර කරන්නවත්,ජීවිතේ ගෙවිල යන එක නතර කරන්නවත් මේ ලෝකේ කාටවත් බෑ.එහෙම වෙන්න නම් ගගක,මුහුදක පැනල හරි වස බෝතලයක් බීල හරි මැරෙන්න ඕන.ඒත් ජිවිතේ මොනයම් අවස්තාවකදීවත් මැරෙන එක විසදුමක් වෙන්නේ නෑ.කවුරු කොහොම කිව්වත් අපි හැමදාම ඉන්නෙත්,හැමදාම කරන්නෙත් එකම දේ.එකම තැන එකම දේකට කොටුවෙච්ච අපිට මතුපිට ලෝකය පේන්නෙ නෑ.දැනෙන්නෙ නෑ…… ලෝකය පේන්න නම් ඇස් දෙක පියාගෙන උඩ බලාගෙන ඉන්නෙ නැතිව ලෝකය දිහා සමාජය දිහා බලන්න ඕන.ඇස් තිබ්බට අපි අද අන්ධයො වෙලා.හැගීම්වලට ,ආශාවන්ට වහල් වෙලා ඉන්න අපි අවසානයේදී ඒව මතම විනාශවෙලා යනවා.එතකොට තමයි ජිවිතේ එපා වෙන්න පටන් ගන්නේ.එදා වේල හම්බ කරන් කන්න මිනිස්සු කොයිතරම් නම් දුක් විදිනවද?කොයිතරම් නම් අනුන්ට පිං සිදු වෙනවද?මව්පියො නැතිව පාරෙ හිගාකන දරුවො කීදෙනෙක් නම් අද සමාජයේ ඉන්නවද?ඉපදුනු ගමන් කුණු බක්කි වල අතරමං වුණු අහිංසක කිරිසප්පයෝ අනාථ මඩම් වල තනිවෙලා හිතින් කොය්තරම් නම් හූල්ලනව ඇත්ද?අපිට දෙමව්පියො ළග ඉදලත් ඒ අයව වටින්නෙ නෑ.ගණන් ගන්නෙ නෑ.අපිත් කවදහරි ඒ තත්වෙට පත්වුණානම් ඒ දුක පාළුව වේදනාව හොදට දැනෙනවා.අත්විදිනවා.කෙනෙකුට දෙයක් තේරුම් ගන්න නම් ජිවිතේ කොතනක හරි වරදිනන ඒන.මොකද වැරදුනු තරමට තමයි ජීවිතේට හරියන්නෙ.මිනිස්සු හැදෙන්නෙ.අපි හැමවෙලාවෙම හිතන්නෙ අපිට තියෙන දෙයින් සතුටු වෙන්න නෙවෙයි.නොලැබුණු දේවල් හඹාගෙන යන්න.ඒවටආසා කරන් හීන මාළිගා හදන්න හරි කැමතියි.තමන්ට තියෙන දේ ගැන,ලැබිච්ච දේවල් ගැන හිතල පොඩි හරි ආඩම්බරයකින් ඉන්නෙ,ලද දෙයින් සතුටුවෙන මිනිස්සු ඉන්නෙ මේ ලෝකේ කීයෙන් කී දෙනාද?ගොඩාක් වෙලාවට මිනිස්සු හිතන්නෙ සල්ලි තියෙනව නම් වෙන මොනවත් ඒන වෙන්නෙ නෑ කියලා.ජීවිතේ ගෙනියන්න යම්තාක් දුරට මුදල් ඕන වෙනවා.නමුත් මුදල් කියන්ාන් මුළු ජීවිතේම නෙවෙයි.සල්ලි වලට ගන්න බැරි ගොඩාක් දේවල් අපේ හිත්වල පැළපදියම් වෙලා තියෙනවා.දුප්පත් උනත් කවුරුත් එකට එකතු වෙලා තියෙන දේ බෙදා හදාගෙන කාල සතුටින් ඉන්න පුළුවන්නම් ඒක ගොඩාක් වටිනවා.මොකද ජීවිතේ මොන දේ නොලැබුණත් සතුට,හිතේ සැනසීම හරිම වටිනවා.ඒවා සල්ලි වලට ගන්න බැරිඔසු.ඇත්තටම අද සමාජයේ ජිවත්වෙන අය අතරේ සංවේදී හිත් තියෙන මිනිස්සු ඉන්නෙ කීයෙන් කී දෙනාද?වචනයකින් හරි උදව් කරන්න,උණුවෙන හිත් තියෙන මිනිස්සු හරිම අඩුයි.අපිට කවදාවත් තවත් කෙනෙක් ගැන අනුකම්පාවක් ඇතිවෙන්නෙ නැහැ.එහෙම වෙන එකේ පුදුමෙකුත් නැහැ.මොකද අපිට අපේ ගැටලු විසද ගන්නවත් බැරිව ළතැවෙන වෙලාවෙ අනුන්ට උදව් කරන්න වෙලාවක් තියෙනවද?පෝයට හරි පන්සලකට ගොඩවෙලා ,බණ ටිකක් අහන මිනිස්සු හරිම අඩුයි.අඩුම තරමේ හිතේ සැනසීමට හරි පන්සලකට ගොඩවෙන්නෙ නැහැ.මොකද පිනට දහමට වැඩිය අපිට අපේ ප්රිශ්න ගොඩනැගිලා.කරදර ප්රරශ්න හැමෝටම එනවා.ඒක තමන්ට විතරක් පොදු වෙච්ච දෙයක් නෙවෙයි.ජීවිතේට කරදර,ප්රිශ්න එන්න ඕන.ඒවට මුහුණදෙන තරමට තමයි ඒ ජිවිතේ ලස්සන වෙන්නෙ.සුන්දර වෙන්නෙ.ඒ නිසා ජීවිතේට ප්රරශ්න ,කරදර එන එක නතර කරන්න කාටවත් බැහැ.ඒකට සාර්තකව මුහුණ දෙන එක තමයි ජීවිතේ කරන්න ඕන වැදගත්ම දේ වෙන්නෙ මේ මොනව උනත් අපි කවුරුත් යතාර්තයට මුහුණ දෙන්න ඕන.ප්රේශ්න ආවම පැදුරටත් නොකියා පැනල යන්නවත්,ඒ මත පැළපදියම් වෙලා අඩා වැටෙන එකවත් නෙවෙයි උත්තරේ වෙන්න ඕන.අපි මේ හැමදේකටම මුහුණ දෙන්න ඕන.දරාගන්න බැරි දුකකදී හිනාවෙලා ඉන්න,සතුට පිරිච්ච වෙලාවක නිහතමානීව එය විදදරාගෙන ජීවිතේට මුහුණ දෙන්නත් පුරුදු වෙන්න ඕන.අන්න එහෙම ජීවිත වලට විතරයි පැවැත්මක් තියෙන්නේ.මොකද ජීවිතේ කියන්නේ විදින්න ඕන දෙයක් මිස විදවනන ඕන දෙයක් නොවන නිසා…..