ආදරනීය දෙමාව්පියණි…………..

ජීවිතයෙන් ජීවිතයක ගෙන දෙන්නට
ඒ ජීවිතයට කිරි දී පන දී
මා දැඩිකල අපෙ අම්මේ
හදවත පුරා මහමෙරකට සිහින පුරවාගෙන
දවසින් දවස සෙනෙහස ලබැදිව
පපුවට තුරුළු කරගෙන
සෙනෙහසෙන් උණුසුම දුන්නු
ඒ ආදරනීය අත්වල
හොදටෝම කරගැට
දහඩියෙන් මුළු ගතම තෙත් වෙනකම්
වෙහෙසෙන
දයාබර තාත්තේ
මම යනවා ඉදිරියෙන් ඉදිරියට
පව් ඇරෙන්න ඒ කර ගැටවල
සත්තකින්ම මගේ අම්මේ
සත්තකින්ම මගේ තාත්තේ
ලොකු කෙල්ලෙක් වෙන්න නෙවෙයි
හොද කෙල්ලෙක් වෙන්න…………

Posted in Uncategorized | Leave a comment

පින හා පව…….

සිහින මාළිගා
වැල්ලේ තැනුවද
එය කිසිදා ස්ථිර නොවේ
මිල මුදල්
කොතෙක් පොදි බැන්දත්
අප ලොව හැර
යන්නට යනවිට
අප ළග
ඉතිරි වන්නේ
අප ගෙන යන
පින හා පව
පමනි
ඒ නිසාම
නිරතුරුවම
පින් කරන්න………….

Posted in Uncategorized | Leave a comment

ලස්සන ජීවිතයකට………..

පපුවට අත තියල බැලුවමහුස්ම ගන්න සද්දෙ ඇහෙනවා.ජීවිතේ දිහා අපි හැරිල බැලුවත් නැතත් අපේ ජිවිත ගෙවිල යනවා.හුස්ම ගන්න එක නතර කරන්නවත්,ජීවිතේ ගෙවිල යන එක නතර කරන්නවත් මේ ලෝකේ කාටවත් බෑ.එහෙම වෙන්න නම් ගගක,මුහුදක පැනල හරි වස බෝතලයක් බීල හරි මැරෙන්න ඕන.ඒත් ජිවිතේ මොනයම් අවස්තාවකදීවත් මැරෙන එක විසදුමක් වෙන්නේ නෑ.කවුරු කොහොම කිව්වත් අපි හැමදාම ඉන්නෙත්,හැමදාම කරන්නෙත් එකම දේ.එකම තැන එකම දේකට කොටුවෙච්ච අපිට මතුපිට ලෝකය පේන්නෙ නෑ.දැ‍නෙන්නෙ නෑ…… ලෝකය පේන්න නම් ඇස් දෙක පියාගෙන උඩ බලාගෙන ඉන්නෙ නැතිව ලෝකය දිහා සමාජය දිහා බලන්න ඕන.ඇස් තිබ්බට අපි අද අන්ධයො වෙලා.හැගීම්වලට ,ආශාවන්ට වහල් වෙලා ඉන්න අපි අවසානයේදී ඒව මතම විනාශවෙලා යනවා.එතකොට තමයි ජිවිතේ එපා වෙන්න පටන් ගන්නේ.එදා වේල හම්බ කරන් කන්න මිනිස්සු කොයිතරම් නම් දුක් විදිනවද?කොයිතරම් නම් අනුන්ට පිං සිදු වෙනවද?මව්පියො නැතිව පාරෙ හිගාකන දරුවො කීදෙනෙක් නම් අද සමාජයේ ඉන්නවද?ඉපදුනු ගමන් කුණු බක්කි වල අතරමං වුණු අහිංසක කිරිසප්පයෝ අනාථ මඩම් වල තනිවෙලා හිතින් කොය්තරම් නම් හූල්ලනව ඇත්ද?අපිට දෙමව්පියො ළග ඉදලත් ඒ අයව වටින්නෙ නෑ.ගණන් ගන්නෙ නෑ.අපිත් කවදහරි ඒ තත්වෙට පත්වුණානම් ඒ දුක පාළුව වේදනාව හොදට දැනෙනවා.අත්විදිනවා.කෙනෙකුට දෙයක් තේරුම් ගන්න නම් ජිවිතේ කොතනක හරි වරදිනන ඒන.මොකද වැරදුනු තරමට තමයි ජීවිතේට හරියන්නෙ.මිනිස්සු හැදෙන්නෙ.අපි හැමවෙලාවෙම හිතන්නෙ අපිට තියෙන දෙයින් සතුටු වෙන්න නෙවෙයි.නොලැබුණු දේවල් හඹාගෙන යන්න.ඒවටආසා කරන් හීන මාළිගා හදන්න හරි කැමතියි.තමන්ට තියෙන දේ ගැන,ලැබිච්ච දේවල් ගැන හිතල පොඩි හරි ආඩම්බරයකින් ඉන්නෙ,ලද දෙයින් සතුටුවෙන මිනිස්සු ඉන්නෙ මේ ලෝකේ කීයෙන් කී දෙනාද?ගොඩාක් වෙලාවට මිනිස්සු හිතන්නෙ සල්ලි තියෙනව නම් වෙන මොනවත් ඒන වෙන්නෙ නෑ කියලා.ජීවිතේ ගෙනියන්න යම්තාක් දුරට මුදල් ඕන වෙනවා.නමුත් මුදල් කියන්ාන් මුළු ජීවිතේම නෙවෙයි.සල්ලි වලට ගන්න බැරි ගොඩාක් දේවල් අපේ හිත්වල පැළපදියම් වෙලා තියෙනවා.දුප්පත් උනත් කවුරුත් එකට එකතු වෙලා තියෙන දේ බෙදා හදාගෙන කාල සතුටින් ඉන්න පුළුවන්නම් ඒක ගොඩාක් වටිනවා.මොකද ජීවිතේ මොන දේ නොලැබුණත් සතුට,හිතේ සැනසීම හරිම වටිනවා.ඒවා සල්ලි වලට ගන්න බැරිඔසු.ඇත්තටම අද සමාජයේ ජිවත්වෙන අය අතරේ සංවේදී හිත් තියෙන මිනිස්සු ඉන්නෙ කීයෙන් කී දෙනාද?වචනයකින් හරි උදව් කරන්න,උණුවෙන හිත් තියෙන මිනිස්සු හරිම අඩුයි.අපිට කවදාවත් තවත් කෙනෙක් ගැන අනුකම්පාවක් ඇතිවෙන්නෙ නැහැ.එහෙම වෙන එකේ පුදුමෙකුත් නැහැ.මොකද අපිට අපේ ගැටලු විසද ගන්නවත් බැරිව ළතැවෙන වෙලාවෙ අනුන්ට උදව් කරන්න වෙලාවක් තියෙනවද?පෝයට හරි පන්සලකට ගොඩවෙලා ,බණ ටිකක් අහන මිනිස්සු හරිම අඩුයි.අඩුම තරමේ හිතේ සැනසීමට හරි පන්සලකට ගොඩවෙන්නෙ නැහැ.මොකද පිනට දහමට වැඩිය අපිට අපේ ප්රිශ්න ගොඩනැගිලා.කරදර ප්රරශ්න හැමෝටම එනවා.ඒක තමන්ට විතරක් පොදු වෙච්ච දෙයක් නෙවෙයි.ජීවිතේට කරදර,ප්රිශ්න එන්න ඕන.ඒවට මුහුණදෙන තරමට තමයි ඒ ජිවිතේ ලස්සන වෙන්නෙ.සුන්දර වෙන්නෙ.ඒ නිසා ජීවිතේට ප්රරශ්න ,කරදර එන එක නතර කරන්න කාටවත් බැහැ.ඒකට සාර්තකව මුහුණ දෙන එක තමයි ජීවිතේ කරන්න ඕන වැදගත්ම දේ වෙන්නෙ මේ මොනව උනත් අපි කවුරුත් යතාර්තයට මුහුණ දෙන්න ඕන.ප්රේශ්න ආවම පැදුරටත් නොකියා පැනල යන්නවත්,ඒ මත පැළපදියම් වෙලා අඩා වැටෙන එකවත් නෙවෙයි උත්තරේ වෙන්න ඕන.අපි මේ හැමදේකටම මුහුණ දෙන්න ඕන.දරාගන්න බැරි දුකකදී හිනාවෙලා ඉන්න,සතුට පිරිච්ච වෙලාවක නිහතමානීව එය විදදරාගෙන ජීවිතේට මුහුණ දෙන්නත් පුරුදු වෙන්න ඕන.අන්න එහෙම ජීවිත වලට විතරයි පැවැත්මක් තියෙන්නේ.මොකද ජීවිතේ කියන්නේ විදින්න ඕන දෙයක් මිස විදවනන ඕන දෙයක් නොවන නිසා….. ‍‍‍‍‍

Posted in Uncategorized | Leave a comment

ජීවිතය…………..

විටෙක කටුකය
දරා ගැනීමට අපහසු වේ
විටෙක බිය කරුය
ඉන් මිදීමට අපහසුය
විටෙක සිත්ගන සුළුය
කවියක පදවැල් මෙනි
විටෙක ආනන්ද ජනකය
ජීවත් වීමට සිතේ
විටෙක අසුන්දරය
ජීවිතය එපා වේ
නමුත්,
කුමක් වුවද
අවසානය අප කරා එන්නේ
ජීවිතය හැර යාමෙනි
එවිට හැගෙන්නේ
ජීවිතය ජීවත් වන්නේ
ආදරය,සතුට,දුක
ඔස්සේ බවයි…….

Posted in Uncategorized | Leave a comment

නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා………

අම්මා යනු කවුරුන්ද?”කරුණා ගුණයේ සාරය සොයලා නිමකල පිළිරුව අම්මා”ගැහැණියකට අම්මා කෙනෙක් වෙන්න පුළුවන්.ඒ වුනාට එය මව් පදවියක් කර ගන්න.ඒ මව්පදවිය ආරක්ෂා කර ගැනීම තමා කරමක් අපහසු.
ගමේ කමට-අපේ මට-අපේ ආරෙට හැදුණු අම්මලා එදා හිටියේ.අදත් ඒ වගේ අම්මලා ගමේත් නගරයෙත් ඉන්නවා.කළමනාකරණ දැනුම-ලෙන්ගතු හිනාව-ආගන්තුක සත්කාරය-දාරක ප්රේඒමය-පති භක්තිය-අරපිරිමැස්ම ඇය මැනවින් දැන සිටියා.මා දුටු හොදම අම්මා,හොදම ගැහැණිය,හොදම ගුරුවරිය මගේ අම්මා.ගෙමිදුලේ සුවද පැතිරෙන මල් ගස් ටික-සාලයේ බුලත් හෙප්පු-දීසියේ කැකුළු හාලේ බත් ටික,ඇගේ නිවසේ කිසිදිනක වැරදුනේ නැත.ඇය තුළ තිබුණු දාරක ප්රේුමය ආගම දහම තුළින් ලැබූ අධ්යා ත්මික සුවය-අසල් වාසීන්ට නිහඩව කල සමාජ මෙහෙවරකින් ලැබූ සතුට කෙසේ විග්රේහ කරම්ද?
බෝසත්වරුන්ට බුදුවෙන්න මුලින්ම විවරණ දුන්නේ අම්මා ගෙදර බුදුන් ද අම්මාය.මලපත නොදත් අම්මා කෙනෙකු උගත් දරුවන් ඉදිරියේ ගුරුවරියකි.ඇගිලි අත්සන තබන මලපත අකුරු නොදත් අපේ අම්මලාට ප්ර ඥාව පහළ කරගන්න පුළුවන්.මිනිසත් බව ලැබීමේ දුෂ්කරතාව ද බුදුදහමේ පෙන්වා දී ඇත.”දුර්ලභංච මනුස්සානං”දුර්ලබ වූ මිනිස් උපතකට ඔබේ මව්කුස ඉඩදුන් නිසයි ඔබ අම්මා කෙනෙකු උනේ.

Posted in Uncategorized | 1 Comment

කොයිබටදෝ මේ යන්නේ……….

වර්තමාන සමාජයේ ජිවත්වන තරුණ තරුණියන් වන අපහට ජිවිත සැබෑකර ගැනීමට නැවුම් බලාපොරොත්තු රාශියක් අප සිත් තුළ ඇත.තවද එම බලාපොරොත්තු අප ජිවිතයේ නව මුහුණුවරක් ගනී.එහෙත් වත්මන් සමාජයේ ජිවත්වන අපේ තරුණ තරුණියන්ගේ එම නැවුම් බලාපොරොත්තු සිහිනයකට පමණක් සීමා වී ඇත.‍මෙලෙස උදාසීන පුද්ගලයන් ලෙස අපි සිහින ලොවක අතරමං වුවහොත් අපට අපේ ඉදිරි අනාගතය ජය ගැනීමට හැකිවේද?බැහැනේද?එසේනම් අප මේ මිහිපිට සිහි බුද්ධියෙන් වැඩ කළ යුතුයි නේද?තවද අපේ නැවුම් බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට අපි නිතර ඒ වෙනුවෙන් සටන් කල යුතුය.
ඇත්තෙන්ම අපි නිතරම වැඩ කල යුත්තේ බුද්ධියට මුල් තැනක් දෙමින්ය.මන්ද එවිට අප හට සෑම සියලු දෙයක් දෙසම සුබවාදීව දැකිය හැකිය.මදක් හැරී බලමු අපි අපේ අතීතය දෙස එහිදී අපහට ඉටුකරගත නොහැකි සිතුම් පැතුම් බලාපොරොත්තු රාශියක් අපේ මතකය අවදි කරයි.ඉටුවූ දේ ගැන මිස ඉටුනොවූ දේ ගැන දුක්වීමෙන් පලක් නැත.තවද තරුණ තරුණියන් ලෙස අපි නිතරම සෑම සියලු දෙයක් ගැනම ධනාත්මක චින්තනයෙන් දැකිය යුතුය.තවද අපි අපේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට යෑමේදී අපහට නොයෙක් බාධා කම්කටොලු වලට මුහුණ දීමට සිදුවේ.එය කෙසේ වෙතත් ඒවා ජයගෙන ඉදිරියටම යා යුතුය.
තවද තරුණ තරුණියන් වන අප සිත් තුල නොයෙකුත් බලාපොරොත්තු හා ආශාවන් රාශියක් ගැබ්ගෙන ඇත.ඒ පමනක් නොව මෙ සියලු අභියෝග මැද එම බලාපොරොත්තු ඉටුවන විට අප සිත් තුලට දැනෙන්නේ දරාගත නොහැකි සතුටකි.එය මිනිස් අපේ ස්වාභාවයයි.එහෙත් විටෙක සමහර සිහින ඉටු නොවන අවස්ථා වල අපි ජිවිතයේ ඉදිරියට තැබූ පය ආපස්සට තැබීමට උත්සාහ කරයි.එය හරිද?ඉන් සිදුවන්නේ අපේ ජිවිතය අතීතය කරා පියමන් කිරීමය.
තවද අපගේ ජිවිතයේ ඉටුනොවූ බලාපොරොත්තුවක් ඇත්නම් අප කළ යුත්තේ ඒ ගැන දුක් වී ජිවිතයේ කලකිරීමක් ඇතිකර ගැනීම නොව වැරදුන තැන් සොයා එය නිවැරදි කර ගැනීමය.තවද ජිවිතයට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුන දෙන්නට තරම් සිත ශක්තිමත් කර ගැනීමය.එහෙත් අද වත්මන් සමාජය වෙත ඇස ගැටෙනා අපහට පෙනෙන්නට ඇත්තේ අපේ තරුණ තරුණියන් මේ කොයියන්නේ කුමක් කරන්නේද යන වගය.අරමුණක් නැත.පලකට නැති මිරිගුවක් පසුපස දුවන්නා වූ තරුණ පරපුරක් වත්මන් සමාජයේ අපට දැකගත හැකිය.
තවද අපේ තරුණ තරුණියන්ගේ සිත්වල හටගත්තා වූ බලාපොරොත්තු ඔවුන්ගේ සිත් තුල සිහිනයකට පමනක් සීමාවී ඇත.තවද එම නැවුම් බලාපොරොත්තු සිහිනයක් පමනක් වීමට ඉඩ දී බලා සිටීම මහත් කනගාටුදායක තත්වයකි.තවද අපි අපෙි ජිවිත සාර්ථක කර ගැනීමට හොද අරමුණක් ඇති කරගත යුතුය. ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කල යුතුය.එවිට අපේ අරමුණ කරා අපට ළගාවිය හැකිය.තවද සමාජයේ මංමුලාවලට හසුනොවී සමාජය දෙස උකුසු ඇසින් බැලිය යුතුය.සමාජය විසකුරුය.එම විස අපි අපේ ශරීර වලට ඇතුළු කර ගැනීම භයානකය එමනිසා සමාජ රැල්ලට එකතු වී අපිත් එම රැල්ලේ ගමන් නොකර නැවුම් බලාපොරොත්තු ඉටුකර ගැනීමට අද පටන් අපිත් අපේ ජීවිතයෙන් සටන් කරමු.

Posted in Uncategorized | Leave a comment

වෙන්වීම……………

හිතුවෙවත් නැති විදිහට
ඔයා ඇවිදින් මා වෙත
මසිත කැළබුවා……….
ජිවිත ගං ඉවුරේ
නොනවතින හැඩ රල
ඔබම මට වූවා
සීතල සුළගක
ආදර පහසින්
මගේ හදවත
කැලබුවා………..
ජිවිත අහසට
සද ඇවිදින්
මම මගේම වී
ඔබ ඔබේම වී
අපි තනිවුනා
දුක වැඩිවුණා……….

Posted in Uncategorized | Leave a comment